අයවැයෙන් වැඩිම මුදල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට


මෙම වසරේ ඉදිරි මාස 04ක රජයේ වියදම් ලෙස බිලියන 3275ක (3,275,876,558,000) 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
 
2021 නොවැම්බර් 07 වැනිදා එවකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රුපියල් බිලියන 2,796( 2,796,446,558,000) හා සැසදීමේදී එය රුපියල් බිලියන 479.4කින්(479,430,000,000) වැඩිවී තිබේ. 
 
මෙවර රුපියල් බිලියන 734.6ක් ලෙස වැඩිම මුදල් වෙන් කර තිබෙනුයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයි. 

 ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල්බිලියන 654.3ක්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් බිලියන 307.1ක්, සෞඛ්‍ය අමාත්‍යාංශය - රුපියල් බිලියන 248ක්, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට රුපියල් බිලියන 189.2ක්, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය රුපියල් බිලියන 116.3ක් සහ මහජන ආරක්ෂන අමාත්‍යාංශයට  රුපියල් බිලියන 112.8ක් විසර්ජන පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත මගින් වෙන් කර ඇත. 

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ලෙස ඩ බිලියන 3.03ක්(3,039,740,000)ක් වෙන් කර තිබේ.
මෙම 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත මගින් එක් එක් අමාත්‍යාංශය සඳහා වෙන් කළ මුදල් පහත පරිදි වේ. 
 
1. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය - රුපියල් බිලියන 7.2ක් (7,010,500,000)
2. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය - රුපියල් බිලියන 189.2ක් (189,210,189,000)
3. ආරක්ෂක අමාත්‍යාංශය - රුපියල් බිලියන 654.3ක්(654,314,275,000)
4. ජනමාධ්‍ය අමාත්‍යාංශය - රුපියල් බිලියන 21.1ක් (21,129,000,000)
5. අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය - රුපියල්බිලියන 31.8ක් (31,825,370,000)
6. සෞඛ්‍ය අමාත්‍යාංශය - රුපියල් බිලියන 248ක් (248,069,998,000)
7. විදේශ කටයුතු අමාත්‍යාංශය - රුපියල් බිලියන 17.9ක් (17,926,000,000)
8. වෙළඳ ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය  - රුපියල් බිලියන9.3ක් (9,354,100,000)
9. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය - රුපියල් බිලියන 307.1ක් (307,108,400,000)
10. කෘෂිකර්ම අමාත්‍යාංශය - රුපියල් බිලියන 138.5 (138,560,485,000)
11. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය - රුපියල් බිලියන 27.6ක් (27,663,260,000)
12. සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය - රුපියල් බිලියන 7.4ක් (7,417,800,000)
13. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය - රුපියල් බිලියන 25.2 (25,205,071,000)
14. අධ්‍යාපන අමාත්‍යාංශය - රුපියල් බිලියන 200ක් (200,000,000,000)
15. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය - රුපියල් බිලියන 734.6ක් (734,674,000,000)
16. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය - රුපියල් බිලියන 15.9ක් (15,922,000,000)
17. කර්මාන්ත අමාත්‍යාංශය - රුපියල් බිලියන 5.2ක් (5,291,450,000)
18. ධීවර අමාත්‍යාංශය - රුපියල් බිලියන 2.8ක් ( 2,856,519,000)
19. පරිසර අමාත්‍යාංශය - රුපියල් බිලියන 1.6ක් (1,681,900,000)
20. වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය - රුපියල් බිලියන 7.5ක් (7,594,500,000)
21. ජල සම්පාදන අමාත්‍යාංශය - රුපියල් බිලියන 30.8ක් (30,862,884,000)
22. කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය -රුපියල් බිලියන 116.3ක් (116,349,300,000)
23. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය - රුපියල් බිලියන 5.8ක් (5,808,775,000)
24. තාක්ෂණ අමාත්‍යාංශය -රුපියල් බිලියන 6.6ක් (6,634,840,000)
25. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය - රුපියල් බිලියන 4.2ක් (4,267,410,000)
26. මහජන ආරක්ෂන අමාත්‍යාංශය - රුපියල් බිලියන 112.8ක් (112,808,260,000)
27. කම්කරැ හා විදේශ රුකියා අමාත්‍යාංශය - රුපියල් බිලියන 4.7ක් (4,712,000,000)
28. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය - රුපියල් බිලියන 6.4ක් (6,476,000,000)
29. වාර්මාර්ග අමාත්‍යාංශය - රුපියල් බිලියන 73.3ක් (73,332,000,000)


Recommended Articles